Thursday, February 23, 2012

*** කවිය මගේ සුමිතුරාන***




තටු ලැබුනට                        ඉගිලයන්නට
සවි ලැබුනට දිව                            යන්නට
නුඹෙ සෙවණින්                   මියැදෙන්නට
සිදු වුණෙ ඇයි පවසන්                      මහට

සුසුම් සමග හිදින                      පැයේ
මිතුර නුඹයි තනියට                   සිටියේ
ඇයි පවසන් නුඹ දිව                    ගියේ
සිතුවිලි මගේ ගොළු                      වූයේ 

සවිය ඇතත් මගෙ                    දෑතට
වදන් එන්නෙ නෑ                    මුවගට
ඉගිල ගියේ නුඹ                      ඈතට
කවිය එන්න මගේ                    ළගට

 එදා නුඹෙන් ලැබුනු                    සවිය
 ළග නැතිදා නුඹ                           කවිය
කදුළක්‌ නෙතගට                        යා විය
 දිව යන්නට මට                       සිත් විය

No comments:

Post a Comment