Monday, February 27, 2012
Sunday, February 26, 2012
Friday, February 24, 2012
සුදු සැරයටිය හා ඇය කළ කතාව ඇසුණිද?
හැම දාමත් දුකට සැපට නුඹ පමණයි ළගින්----- උන්නේ
වාරු නොමැති මගෙ ගතටත් නුඹමයි වාරුව---- දුන්නේ
නොපෙනෙන මගෙ නෙත් දෙකටත් නුඹයි එළිය---- දුන්නේ
පාර සොයා ලතැවෙන සිත නුඹෙන් පමණි පහන---- ගන්නේ
අහිමි පණක් නුඹට---------- තිබුනට
අහිමි සිතක් නුඹට---------- තිබුනට
අහිමි නෙතක් රැදුනු----------- මහට
අත්වැළ නුඹ විය ------ සහයෝගෙට
ගහට වැළට පණ---------- දෙන්නට
හිරු කුමරුට හැකි------------ වුනාට
ගණදුරු වූ මගේ ------------- නෙතට
එළිය දුන්නෙ නුඹයි------------ මහට
දිනක් ගෙවෙයි රැය ---------- අදුරුළු
එළිය දෙන්නෙ හිරු--------- කුමරුළු
රැයේ පහන සදු--------------- කුමරිළු
නුඹයි කීවෙ වී ------------- දොඩමළු
හැමදාමත් වැදෙන සුළග කොහෙන් ඇවිත්මේ--- හමන්නේ
හැමදා එන ගීත නාද කවුරුද මේ හැටි--------- වයන්නේ
අවර ගිරින් බැසයන හිරු නැගෙනහිරින්--------- පායන්නේ
නුඹ හින්දයි සැරයටි මම තව අඩියක්--------- ඇවිදින්නේ
නෙත් ඇති අය දකී ---------- ලොවක්
ඔවුන් මවයි අළුත්------------- ලොවක්
අදුර තුළින් සොයන------------ රුවක්
නුඹට ඇත්තෙ පුදුම------------ නෙතක්
Thursday, February 23, 2012
*** කවිය මගේ සුමිතුරාන***
තටු
ලැබුනට ඉගිලයන්නට
සවි ලැබුනට
දිව යන්නට
නුඹෙ
සෙවණින් මියැදෙන්නට
සිදු වුණෙ ඇයි
පවසන් මහට
සුසුම් සමග
හිදින පැයේ
මිතුර නුඹයි
තනියට සිටියේ
ඇයි පවසන් නුඹ
දිව ගියේ
සිතුවිලි මගේ
ගොළු වූයේ
සවිය ඇතත්
මගෙ දෑතට
වදන් එන්නෙ
නෑ මුවගට
ඉගිල ගියේ
නුඹ ඈතට
කවිය එන්න
මගේ ළගට
එදා නුඹෙන් ලැබුනු සවිය
ළග නැතිදා නුඹ කවිය
කදුළක්
නෙතගට යා විය
දිව යන්නට මට සිත් විය
Wednesday, February 22, 2012
Subscribe to:
Posts (Atom)