Monday, April 9, 2012

සන්නාලියට...


සන්නාලියට...




මදටිය පැහැය ගන්නා නුඹේ .                           නෙතේ
ඉදහිට කදුළු කැට මෝරයි අගින්                      නෙතේ
වත්සුනු පුයර නුඹ ලූවත් නුඹේ                         .ගතේ
නුඹ විදි ගැහැට දුක්‌ මතුවේ නුඹේ                        ගතේ

බිද බිද වැටෙන නුඹෙ දා බිදු                                  බිමට
අත්වැල වුනා නැගිටින්නට රට                              දැයට
දුක්‌ නොදැනෙන බෝ බල වතුන්                               හට
සවියක්‌ දුන්නෙ නුඹලයි නොපෙනෙන                  ලෙසට.

මතුකර නුඹව ගන්නට උන් කැමති                             නැති
ණය බර වුන්ට හැම විට අමතකව                                ඇති
දැක්‌මට නුඹලා වැනි බෝ අය රටේ                              ඇති
නුඹලත් නොහිටියා නම් අද සමහරු බත්                 නොකති

හැමවිට අගේ බල සවි                                        ඈයන්මය
නුඹගේ අගය දන්නෙ නුඹේ                              නෑයන්මය
මාරුව ඇතත් වාරුව වුනෙ නුඹෙ                                දෑතය
අපි සැම ණය ගැති තාමත් නුඹ                          සන්නාලියය


ලක්මිණි 




Friday, February 24, 2012

සුදු සැරයටිය හා ඇය කළ කතාව ඇසුණිද?



















හැම දාමත් දුකට සැපට නුඹ පමණයි ළගින්----- උන්නේ
වාරු නොමැති මගෙ ගතටත් නුඹමයි වාරුව---- දුන්නේ
නොපෙනෙන මගෙ නෙත් දෙකටත් නුඹයි එළිය---- දුන්නේ
පාර සොයා ලතැවෙන සිත නුඹෙන් පමණි පහන---- ගන්නේ

අහිමි පණක්‌ නුඹට---------- තිබුනට
අහිමි සිතක්‌ නුඹට---------- තිබුනට
අහිමි නෙතක්‌ රැදුනු----------- මහට
අත්වැළ නුඹ විය ------ සහයෝගෙට

ගහට වැළට පණ---------- දෙන්නට
හිරු කුමරුට හැකි------------ වුනාට
ගණදුරු වූ මගේ ------------- නෙතට
එළිය දුන්නෙ නුඹයි------------ මහට

දිනක්‌ ගෙවෙයි රැය ---------- අදුරුළු
එළිය දෙන්නෙ හිරු--------- කුමරුළු
රැයේ පහන සදු--------------- කුමරිළු
නුඹයි කීවෙ වී ------------- දොඩමළු

හැමදාමත් වැදෙන සුළග කොහෙන් ඇවිත්මේ--- හමන්නේ
හැමදා එන ගීත නාද කවුරුද මේ හැටි--------- වයන්නේ
අවර ගිරින් බැසයන හිරු නැගෙනහිරින්--------- පායන්නේ
නුඹ හින්දයි සැරයටි මම තව අඩියක්‌--------- ඇවිදින්නේ

නෙත් ඇති අය දකී ---------- ලොවක්‌
ඔවුන් මවයි අළුත්------------- ලොවක්‌
අදුර තුළින් සොයන------------ රුවක්‌
නුඹට ඇත්තෙ පුදුම------------ නෙතක්‌

සැනසුම.....

Thursday, February 23, 2012

*** කවිය මගේ සුමිතුරාන***




තටු ලැබුනට                        ඉගිලයන්නට
සවි ලැබුනට දිව                            යන්නට
නුඹෙ සෙවණින්                   මියැදෙන්නට
සිදු වුණෙ ඇයි පවසන්                      මහට

සුසුම් සමග හිදින                      පැයේ
මිතුර නුඹයි තනියට                   සිටියේ
ඇයි පවසන් නුඹ දිව                    ගියේ
සිතුවිලි මගේ ගොළු                      වූයේ 

සවිය ඇතත් මගෙ                    දෑතට
වදන් එන්නෙ නෑ                    මුවගට
ඉගිල ගියේ නුඹ                      ඈතට
කවිය එන්න මගේ                    ළගට

 එදා නුඹෙන් ලැබුනු                    සවිය
 ළග නැතිදා නුඹ                           කවිය
කදුළක්‌ නෙතගට                        යා විය
 දිව යන්නට මට                       සිත් විය

නුඹේ සිතට...

නුඹේ සිතට...

Tuesday, February 21, 2012

මහද අදින නුඹේ සිත්තම.. හදේ පතුලින් ඇදේ ගැඹුරට... අවසරද මට දෙස බලන්නට... සොයා ලතැවෙන නුඹේ රූපය.....

බිනරමලී.........