Thursday, April 26, 2012
Monday, April 9, 2012
සන්නාලියට...
සන්නාලියට...
මදටිය පැහැය ගන්නා නුඹේ . නෙතේ
ඉදහිට කදුළු කැට මෝරයි අගින් නෙතේ
වත්සුනු පුයර නුඹ ලූවත් නුඹේ .ගතේ
නුඹ විදි ගැහැට දුක් මතුවේ නුඹේ ගතේ
බිද බිද වැටෙන නුඹෙ දා බිදු බිමට
අත්වැල වුනා නැගිටින්නට රට දැයට
දුක් නොදැනෙන බෝ බල වතුන් හට
සවියක් දුන්නෙ නුඹලයි නොපෙනෙන ලෙසට.
මතුකර නුඹව ගන්නට උන් කැමති නැති
ණය බර වුන්ට හැම විට අමතකව ඇති
දැක්මට නුඹලා වැනි බෝ අය රටේ ඇති
නුඹලත් නොහිටියා නම් අද සමහරු බත් නොකති
හැමවිට අගේ බල සවි ඈයන්මය
නුඹගේ අගය දන්නෙ නුඹේ නෑයන්මය
මාරුව ඇතත් වාරුව වුනෙ නුඹෙ දෑතය
අපි සැම ණය ගැති තාමත් නුඹ සන්නාලියය
ලක්මිණි
Sunday, April 8, 2012
Subscribe to:
Posts (Atom)