Wednesday, March 14, 2012
Monday, February 27, 2012
Sunday, February 26, 2012
Friday, February 24, 2012
සුදු සැරයටිය හා ඇය කළ කතාව ඇසුණිද?
හැම දාමත් දුකට සැපට නුඹ පමණයි ළගින්----- උන්නේ
වාරු නොමැති මගෙ ගතටත් නුඹමයි වාරුව---- දුන්නේ
නොපෙනෙන මගෙ නෙත් දෙකටත් නුඹයි එළිය---- දුන්නේ
පාර සොයා ලතැවෙන සිත නුඹෙන් පමණි පහන---- ගන්නේ
අහිමි පණක් නුඹට---------- තිබුනට
අහිමි සිතක් නුඹට---------- තිබුනට
අහිමි නෙතක් රැදුනු----------- මහට
අත්වැළ නුඹ විය ------ සහයෝගෙට
ගහට වැළට පණ---------- දෙන්නට
හිරු කුමරුට හැකි------------ වුනාට
ගණදුරු වූ මගේ ------------- නෙතට
එළිය දුන්නෙ නුඹයි------------ මහට
දිනක් ගෙවෙයි රැය ---------- අදුරුළු
එළිය දෙන්නෙ හිරු--------- කුමරුළු
රැයේ පහන සදු--------------- කුමරිළු
නුඹයි කීවෙ වී ------------- දොඩමළු
හැමදාමත් වැදෙන සුළග කොහෙන් ඇවිත්මේ--- හමන්නේ
හැමදා එන ගීත නාද කවුරුද මේ හැටි--------- වයන්නේ
අවර ගිරින් බැසයන හිරු නැගෙනහිරින්--------- පායන්නේ
නුඹ හින්දයි සැරයටි මම තව අඩියක්--------- ඇවිදින්නේ
නෙත් ඇති අය දකී ---------- ලොවක්
ඔවුන් මවයි අළුත්------------- ලොවක්
අදුර තුළින් සොයන------------ රුවක්
නුඹට ඇත්තෙ පුදුම------------ නෙතක්
Subscribe to:
Posts (Atom)






